මෙවර ජනාධිපතිවරණයෙන් පරාජයට පත් වුවහොත් නැවත තරග නොකරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබෙනවා.

ලබන නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණයෙන් තමන් පරාජයට පත්වුවහොත් 2028 වසරේ යළි මැතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

ඇමරිකානු නීතිය අනුව ජනාධිපතිවරයෙක් වාර දෙකකට වඩා සේවය කිරීම තහනම් වන අතර ට්‍රම්ප් ජයග්‍රහණය කළහොත් 2028 වසරේදී තරග කිරීමට නොහැකි වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.

WhatsApp Group

Skip to content