2023 වසරේ ලොව ‘ඒ ශ්‍රේණියේ මහ බැංකු අධිපතිවරුන්  21 දෙනා අතරට මෙරට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාවද නම්කර තිබෙනවා  .

ඒ මහතාව මෙම ලැයිස්තුවට ඇතුලත් කර ඇත්තේ ඇමරිකාවේ ” ග්ලෝබල් ෆිනෑන්ස් සඟරාව ” විසින් සිදුකරන ලද වාර්ෂික සමීක්ෂණයට අනුවයි.

උද්ධමනය පාලනය, ආර්ථික වර්ධනය, මූල්‍ය ස්ථාවරත්වය හා පොලී අනුපාත කළමනාකරණය ආදී සුවිශේෂී කාර්යය සාධනය සැලකිල්ලට ගනිමින් මහ බැංකු අධිපතිවරුන් සම්බන්ධයෙන් අදාළ සඟරාව විසින් මෙම ශ්‍රේණිගත කිරීම සිදුකරනු ලබනවා .

මෙවර ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඒ ශ්‍රේණියේ පළමු ස්ථානය හිමිවී ඇත්තේ ඉන්දීය මහ බැංකු අධිපතිවරයාටයි .

WhatsApp Group

Skip to content