ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තවදුරටත් ඉහළ නැංවීමේ අරමුණින් පාසල් සිසුන් වෙනුවෙන් කේම්බි්‍රජ් දේශගුණික ගවේෂණ ස්වයං අධ්‍යයන පාඨමාලාව භාෂා 3න්ම නොමිලයේ හැදෑරීම සඳහා අවස්ථාව සලසා දීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව 8 ශ්‍රේණියේ සිට 12 වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන පාසල් සිසුන්ට මෙම අවස්ථාව ලබා දීමටයි කටයුතු යොදා ඇත්තේ.
එමෙන්ම කලාපීය උසස් අධ්‍යාපන ඉල්ලුම සපුරාලීමේ අරමුණින් ඕස්ටේ‍රලියාවේ ෆ්ලින්ඩර්ස් විශ්වවිද්‍යාලය විවිධ විෂය ක්ෂේත්‍රයන්හි උපාධි, පශ්චාත් උපාධි පාඨමාලා සහ අධ්‍යයන ප්‍රවේශ වැඩසටහන් සඳහා අවස්ථාව සලසා දෙමින් සිය විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් මෙරට තුළ ආරම්භ කිරීමට ද නියමිතයි.

WhatsApp Group

Skip to content