මාර්තු මාසයේදී මෙරට දළ නිල සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 05ක් දක්වා වැඩි වී ඇති බව මහ බැංකුව නිවේදනය කර තිබෙනවා.

මෙය 2023 වසර අවසානයේදී තිබූ අමෙරිකානු ඩොලර් බිලියන 4.4 ක දළ නිල සංචිත ප්‍රමාණයට සාපේක්ෂව කැපී පෙනෙන වැඩිවීමක් වනවා.

මූලිකවම සංචාරක ඉපැයීම් ද ඇතුළුව 2024 වසරේ මාර්තු මාසයේ දී සේවා අංශය වෙත කැපී පෙනෙන ලැබීම් ප්‍රමාණයක් වාර්තා වීම මෙම නිල සංචිත ප්‍රමාණය ඉහළ යාමට හේතු වී ඇති බව සදහන්.

එමෙන්ම, 2024 වසරේ මාර්තු මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණද ඉහළ මට්ටමක පැවතුණු බවයි මහ බැංකුව නිවේදනය කරන්නේ.

WhatsApp Group

Skip to content