2024 ගතවූ මාස කිහිපය තුල මෙරටින් වාර්තා වු ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 21,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවයි වාර්තාවන්නේ..

එම මාස කිහිපය තුළ බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 7,547ක් .
ඉන් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 4,527ක් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කලේ.

එමෙන්ම මෙම වසර තුළ ඩෙංගු මරණ 08ක් පමණ වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්දන ඒකකය සදහන් කළේ.

WhatsApp Group

Skip to content