මේ වනවිට මෙරට ඒඩ්ස් රෝගීන්ගේ ව්‍යාප්තිය සියයට තුන්සියයකින් ඉහළ ගොස් ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසනවා.
එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරන්නේ 2018 වසර වනවිට ජනගහනයෙන් මිලියනයකට ඒඩ්ස් රෝගීන් 0.03ක් පමණ හඳුනා ගැනීමට සමත් වුවද මේ වනවිට එම අගය දශම එක දක්වා ඉහළ ගොස් ඇති බවයි .

එමෙන්ම මේ වනවිට දිවයින පුරා ඒඩ්ස් රෝගීන් තුන්දාස් පන්සීයක් පමණ හඳුනාගෙන තිබෙනවා.
එයට අමතරව ළමුන් පනස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් ඒඩ්ස් රෝගයෙන් පෙලෙන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග මර්දන ව්‍යාපාරයේ නවතම දත්ත උපුටා දක්වමින් විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ.

රෝගීන් හඳුනා ගන්නා ප්‍රතිශතය අනුව අවම වශයෙන් ශ්‍රී ලංකාව තුළ රෝගීන් පන්දහසකට ආසන්න ප්‍රමාණයක් සිටිය යුතුවනවා.
නමුත් සායන වලට නොපැමිණි මේ දක්වා හඳුනා නොගත් සැලකිය යුතු රෝගීන් ප්‍රමාණයක් දිවයින පුරා විසිර සිටින බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

WhatsApp Group

Skip to content