2022 වසරේදී වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය ඉක්මවා මෙම වසරේ ඩෙංගු රෝගීන් වාර්තා වී තිබෙන බව වසංගත රෝග අංශය පවසනවා.

ඒ අනුව පසුගිය වසරේ ජනවාරි 01වැනිදා සිට දෙසැබර් 31 වැනිදා දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 63,383ක් වාර්තා වී ඇති අතර, මෙම වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 63,389ක් වාර්තා වී ඇති බවයි එම අංශය සදහන් කළේ.

මෙම වසරේ ඩෙංගු රෝගය නිසා පුද්ගල මරණ 38ක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 10ක ඩෙංගු අධිවසංගත තත්ත්වයක් සේ පැතිර යන බවයි සෞඛ්‍ය අංශ ප්‍රකාශයට පත් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content