ජුනි මාසය තුළ විදෙස් සංචාරකයින් ලක්ෂයකට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එහි සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා පැවසුවේ වසරේ ගතවු මාස හය තුළ සංචාරකයින් ලක්ෂ 06ක් පමණ දිවයිනට පැමිණ ඇති බවයි.

2022 වසරේදී සංචාරකයින් හයලක්ෂයක් පමණ දිවයිනට පැමිණ තිබුණා.

පසුගිය වසරට සාපේෂකව මෙම වසරේදී සංචාරකයින්ගේ පැමිණිම සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවයි ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා සදහන් කළේ.

 

WhatsApp Group

Skip to content