‘මෙනින්ගොකොකල්‘ බැක්ටීරීයාව ආසාදනය වී ඇත්තේ, රෝගීන් දෙදෙනෙකුට පමණක් බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය සිදුකළ පරීක්ෂණවල දී තහවුරු කරගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා .

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා සඳහන් කළේ, ගාල්ල බන්ධනාගාරයේ එක් පුද්ගලයෙකුට පමණක් මෙම බැක්ටීරියාව ආසාදනය වී ඇති බව පරීක්ෂණ හරහා තහවුරු වී ඇති බවයි.

එමෙන්ම කොළඹින් වාර්තා වූ අනෙක් රෝගියාත් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටින බව සදහන්.

ඇතැම් මාධ්‍යය හරහා ‘මෙනින්ගොකොකල්‘ බැක්ටීරීයාව ආසාදනය කොළඹටත් පැතිර ඇති බවට වැරදි මත ප්‍රචාරය කරන බව ද වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා .

ඔහු පැවසුවේ, මෙම රෝගය වැළඳුණ රෝගීන් මීට පෙර වසරවල ද කොළඹ ඇතුළුව ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති බවයි.

මේ සමබන්ධයෙන් අදහස් පල කල සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා.

https://www.vnews.lk/storage/2023/09/ASELA-EDIT-1-1.mp3?_=1

WhatsApp Group

Skip to content