මෙක්සිකෝවේ කාර්මික මධ්‍යස්ථානයක පුද්ගයන් හය දෙනෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මෙලෙස වෙඩි තබා ඝාතනය කළ පුද්ගල අතර කාන්තාවන් දෙදෙනෙකු සහ පිරමි පුද්ගලයන් සිව්දෙනෙකු සිටින අතර, ඔවුන්ගේ සිරුරු සොයාගන්නා අවස්ථාවේ දෑත් බැද තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම වෙඩිතැබීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් සිදු කර ඇති බවටද අනාවරණය වී තිබෙනවා.

2006 වසරේ සිට මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව මෙක්සිකෝවේ මෙහෙයුම් දියත් කර ඇති අතර, එම මෙහෙයුම් වලින් පසු මේ දක්වා පුද්ගල ඝාතන 350,000ට වැඩියෙන් වාර්තා වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content