මෙක්සිකාවේ ග්වාඩලාහාරා නගරය ආසන්නයේ තිබී මිනිස් සිරුරු කොටස් අඩංගු බෑග් 45ක් එරට පොලීසිය විසින් සොයාගෙන තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම මිනිස් සිරුරු කොටස් අතර පිරිමි පුද්ගලයන්ගේ මෙන්ම කාන්තාවන්ගේ සිරුරු කොටස් තිබෙන බවට හඳුනාගෙන ඇති අතර, මළ සිරුරු කොපමණ තිබේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවයි එම වාර්තා වල සඳහන් වන්නේ.

පසුගිය සතියේ තරුණ ඇමතුම් මධ්‍යස්ථාන සේවකයන් 7 දෙනෙකු අතුරුදන් බවට ලද පැමිණිල්ලක් අනුව සිදු කළ සෝදිසි කිරීමක දී පොලීසියට මෙම සිරුරු කොටස් හමුවී තිබෙනවා.

WhatsApp Group

Skip to content