මෙක්සිකෝවේ දේවස්ථානයක වහළක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් ඇති අතර තවත් දස දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

බැතිමතුන් සිය දෙනෙකු පමණ දේවස්ථානයේ රැඳී සිටින අතරතුරදී මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එම වහළය කඩා වැටීමෙන් සුන්බුන් අතර සිරවී සිටි 30 දෙනෙකුට අධික ප්‍රමාණයක් ඉවතට ගැනීමට හැකි වී ඇති අතර තවත් කිහිපදෙනෙකු එම සුන්බුන් අතර සිරවී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටියේ.

ඔවුන් මුදාගැනීම සදහා සහන සේවකයින් ද පැමිණ ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content