මූලික අනුගතවීමේ පාඨමාලාව (වෛද්‍ය) 02/2024, සාර්ථකව සම්පූර්ණ කල නිලධාරීන් දහතුන් දෙනෙකු (13) විසිරයාමේ උත්සවය, නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් ගේ ප්‍රධානත්වයෙන් අද දින (2024 ඔක්තෝබර් 11) ත්‍රීකුණාමලය නාවික හා සාගරික විද්‍යාපීඨයේදී අභිමානවත් අයුරින් පැවැත්විණි. 

ඒ අනුව, සාර්ථකව පුහුණුව අවසන් කළ ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යලයේ 35 වන බඳවා ගැනීමට අයත් වෛද්‍ය අංශයේ නිලධාරීන් දහතුන් දෙනෙකු (13) නාවික හා සාගරික විද්‍යා  පීඨයේ සරඹ පිටියේදී, සිය දෙමව්පියන්, උපදේශකයින් සහ පුහුණුවන නිලධාරීන් ඉදිරියේ මෙලෙස අභිමානවත් අයුරින් විසිර යෑම සිදු කෙරිණි.

එහිදී මූලික අනුගතවීමේ පාඨමාලාව (වෛද්‍ය) 02/2024, පාඨමාලවේ දක්‍ෂතම නිලධාරියාට හිමි කුසලානය වැඩ බලන උප ලුතිනන් (වෛද්‍ය) ඩීබී ජයතිලක විසින්, මෙම විසිරයාමේ පෙළපාලිය සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි නාවික හා සාගරික විද්‍යාපීඨයේ ආඥාපති කොමදෝරු රොහාන් ජෝෂප් වෙතින් හිමිකර ගැනීමට සමත්විය.

WhatsApp Group

Skip to content