ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළ එකඟතාවන් කඩිනමින් ඉදිරි සති කිහිපය තුළ සම්පූර්ණ කළ හැකි බව වැඩබලන මුදල් අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසනවා.

මේ අනුව එම අරමුදලෙන් දෙවන වාරිකය කඩිනමින් ලබා ගත හැකි බවටයි ඒ මහතා පවසන්නේ.

මේ අනුව එළඹෙන වර්ෂය ආර්ථික වර්ධනයක් කරා ගෙන යාමට හැකියාව ලැබෙනු ඇති බවටයි වැඩබලන මුදල් අමාත්‍යවරයා කියා සිටියේ.

සැප්තැම්බර් 17 වන දා සිට 27 වන දා දක්වා මෙරට රැඳී සිටිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානි පීටර් බෘවර් ප්‍රමුඛ දූත කණ්ඩායම ඉදිර වැඩපිළිවෙල සදහා කරුණු රාශියක් සාකච්ඡා කර තිබෙනවා.

එහිදි අවසන් තීරණය වී ඇත්තේ රජයේ ආදායම් වැඩිකර බදු ප්‍රතිසංස්කරණ සිදු කළ යුතු බවයි.

WhatsApp Group

Skip to content