මධ්‍යම නැගෙනහිර බෙංගාල බොක්ක ගැඹුරු මුහුදේ වායූ ගෝලයේ අඩුපීඩන තත්වයක් වර්ධනය වෙමින් තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 80 ක් පමණ දක්වා ඉහළ යා හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

මේ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල යත්‍රා කිරීමේදී වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ.

මේ අතර, උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

WhatsApp Group

Skip to content