මුහුද රළු වීම පිළිබද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

අද පෙරවරු 07 ට නිකුත් කළ එම නිවේදනය හෙට පෙරවරු 07 දක්වා බලාත්මක බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව කාලගුණ නිවේදනයේ සදහන්.

මේ පිළිබද අවධානය යොමු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දෙනවා.

WhatsApp Group

Skip to content