මෙරට මුහුදු සීමාව උල්ලංගනය කළ ඉන්දීය ධීවරයින් 22 දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

පේදුරුතුඩුවට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදියි මෙම ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ.

ඔවුන් තහනම් පන්න ක්‍රම භාවිත කරමින් මෙරට මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමේ නිරතව ඇති බවයි වාර්තා වන්නේ.

මේ වසරේ මේ දක්වා කාලය තුල මෙරට මුහුදු සීමාව උල්ලංගනය කරමින් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයින් 196ක් සහ ධීවර යාත්‍රා 29ක් නාවික හමුදාව සිය භාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content