යාපනයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබාදීමේ අරමුණින් මුහුදු ජලය පිරිපහදු කිරීමේ නව ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.

යාපනයේ වඩමාරච්චි තාලයඩි ප්‍රදේශයේදීයි මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කර ඇත්තේ.

මේ යටතේ මුහුදු ජලය ඉතා පිරිසිදු මිරිදිය බවට පත්කෙරෙන අතර එම ව්‍යාපෘතියෙන් යාපනයේ පවුල් 70,000 කට පිරිසිදු පානීය ජලය ලබා දීමට හැකියාව ලැබෙනු ඇති.

අදාළ ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල අමෙරිකානු ඩොලර් මිලියන 400 ක් වන අතර ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබනවා.

ලබන වසරේ මුල් කාර්තුව තුළදී තාලයඩි ප්‍රදේශයේ නව ව්‍යාපෘතිය මගින් යාපනයේ වැසියන්ට පිරිසිදු පානීය ජලය සපයා දීමට අපේකෂා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content