සංචාරක පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය මේ වන විට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

ඒ අනුව පන්දුවට පහරදීමේදී පන්දුවාර 34ක් අවසානයේ කඩුලු 4කට ලකුණු 127ක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව සිටිනවා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නිශාන් මධුෂ්ක ලකුණු 4ක්ද නායක දිමුත් කරුණාරත්න ලකුණු ලකුණු 29ක්ද කුසල් මෙන්ඩිස් ලකුණු 12ක්ද දිනේෂ් චන්දිමාල් එක් ලකුණක්ද ලබාගැනීමට සමත් වූවා.

නොදැවී පන්දුවට පහර දෙන ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 46ක් ලබාගෙන සිටින අතර ධනංජය ද සිල්වා ලකුණු 34ක්ද ලබාගෙන සිටිනවා.

පන්දු යැවීමේදී පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් Shaheen Shah Afridi කඩුලු තුනක් දවා ගැනීමට සමත් වූ අතර Naseem Shah එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වූවා.

WhatsApp Group

Skip to content