මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවණරාජා මහතාගේ ඉල්ලා අස්වීමේ සිද්ධිය මූලික කරගනිමින් යාපනය දිස්ත්‍රික්කයේ නීතිඥවරුන් අද සහ හෙට සිය සේවා කටයුතුවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

අප වාර්තාකරු සදහන් කළේ ඊයේ දිනයේදී ද මුලතිව් හි නීතිඥවරුන් සේවා කටයුතුවලින් ඉවත් වීමට කටයුතු කර ඇති බවයි.

මේ අතර මුලතිව් මහේස්ත්‍රාත් ටී.සරවණරාජා මහතා විදෙස්ගත වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් දෙකක් පත් කර ඇති බවද සදහන්.

ඒ අනුව අද දින එම කණ්ඩායම් දෙක මුලතිව් ප්‍රදේශයට ගොස් තිබෙනවා.

WhatsApp Group

Skip to content