නාරාහේන්පිට අභයාරාමාධිපති , බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝනායක, කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය පුජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත ජන අරගලයේ දෝංකාරය කෘතිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වා තිබෙනවා.

ඒ ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

එමෙන්ම මීට පෙර මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් රචිත නොනවතින අරගලයක සැබැ කතාව යන කෘතිය ඇතුළු තවත් කෘති කිහිපයක් ද මෙහිදී ජනාධිපතිවරයාට පිළිගන්වා තිබෙනවා.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි වජිර අබේවර්ධන මහතා සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා.

WhatsApp Group

Skip to content