ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 55 වැනි තරඟයෙන් කඩුලු 07ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.

ඒ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත් කරමින්.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 173ක් රැස් කළා.

එහිදී ට්‍රැවිස් හෙඩ් පන්දු 30දී ලකුණු 48ක් සහ නායක පැට් කමින්ස් පන්දු 17දී නොදැවී ලකුණු 35ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී නායක හර්ඩික් පාන්ඩ්‍ය සහ පියුෂ් චව්ලා කඩුලු 3 බැගින් බිඳ හෙළුවා.

මෙහිදී නුවන් තුෂාර පන්දු වාර 4ක් ක්‍රියාත්මක කළද ඔහුට කඩුලු ලබා ගැනීමට හැකියාවක් ලැබුනේ නැහැ.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මුම්බායි කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 2ක් අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 174ක් ලබා ගනිමින් තරඟය ජයග්‍රහණය කළා.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ සූර්යකුමාර් යාදව් පන්දු 51දී නොදැවී ලකුණු 102ක් රැස් කළා.
පන්දු යැවීමේදී මාර්කෝ ජැන්සන්, නායක පැට් කමින්ස් සහ බුවනේෂ්වර් කුමාර් එක් කඩුල්ල බැගින් බිඳ හෙළුවා.

WhatsApp Group

Skip to content