ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ 33 වැනි තරඟයෙන් ලකුණු 09ක ජයක් වාර්තා කිරීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ඊයේ සමත් වුණා.
ඒ පංජාබ් කිංග්ස් කණ්ඩායම පරාජයට පත් කරමින්.
තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 192ක් රැස් කළා.
එහිදී සූරියකුමාර් යාදව් පන්දු 53දී ලකුණු 78ක් සහ තිලක් වර්මා පන්දු 18දී නොදැවී ලකුණු 34ක් රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී හර්ෂාල් පටෙල් කඩුළු 3ක් සහ සෑම් කරන් කඩුළු 2ක් බිඳ හෙළුවා.
ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පංජාබ් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 19යි එක් පන්දුවක් අවසානයේ සියල්ලන් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 183ක් පමණයි.
එහිදී ශෂන්ක් සිං පන්දු 25දී ලකුණු 41ක් සහ අෂුතෝෂ් ෂර්මා පන්දු 28දී ලකුණු 61ක් රැස් කළා.
පන්දු යැවීමේදී ජස්ප්‍රිට් බුම්රා සහ ජෙරාල්ඩ් කොට්සි කඩුළු 3 බැගින් බිඳ හෙළුවා.

WhatsApp Group

Skip to content