එළඹෙන ජනාධිපතිවරණයට අදාළව විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා වී නිව්ස් වෙත පැවසුවේ රජයේ මුද්‍රණාලාධිපතිනිය සහ තැපැල්පතිවරයා අද මැතිවරණ කොමිසම හමුවට කැදවා ඇති බවයි.

මෙහිදී ජනාධිපතිවරණයට අදාළ මුලික කරුණු පිළිබද සාකච්ඡා කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේ.

එමෙන්ම ඉදිරි දින කිහිපය තුළදී පොලිස්පතිවරයා ද මැතිවරණ කොමිසම හමුවට පැමිණිමට නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content