මුදල් ලබා නොදී මත්පැන් හලකින් මත්පැන් ලබාගත් පොලිස් පරීක්ෂකවරයාගේ වැඩ තහනම් කර තිබෙනවා.

අදාළ නිලධාරියා පසුගිය සැප්තැම්බර් 08 වැනිදා සිය රාජකාරී නිල ඇඳුමින් මත්පැන් අලෙවිසැලක් වෙත ගොස් මුදල් නොදී මත්පැන් මිලදී ගෙන තිබුනා.

ඊට අදාලව සිදු කල් විමර්ශනයකින් පසුවයි මෙම තහනම ක්‍රියාත්මක කර ඇත්තේ.

එම විමර්ශනයේදී හෙලි වී ඇත්තේ මෙම නිලධාරියා විසින් මෙලෙස මුදල් නොදී මඩකලපුව ප්‍රදේශයේ මත්පැන් අලෙවි සැල් දෙකකින් මත්පැන් මිලදී ගෙන ඇති බවයි.

මෙම වැඩතහනම සැප්තැම්බර් 09වැනිදා සිට ක්‍රියාත්මකවන පරිදි පනවා තිබෙන බවයි පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග පවසන්නේ

WhatsApp Group

Skip to content