මුදල් කමිටුවේදී අනුමත වූ යෝජනාව වෙනුවට වෙනත් යෝජනාවක් න්‍යාය පත්‍රයට ඉදිරිපත් කර ඇතැයි චෝදනා කරමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අදහස් ප්‍රකාශ කිරීමත් සමඟ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක් ඇති වුනා .
මෙහිදී අදහස් දැක්වූ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ අද පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට ඇතුළත් වී ඇත්තේ මුදල් කාරක සභාව අනුමත කළ යෝජනාව නොවන බවයි.
එම නිසා යෝජනාව සම්බන්ධයෙන්ඉදිරිපත් කෙරුණු සංශෝධන මුලින්ම ප්‍රකාශයට පත් කළ යුතු බව ඔහු සඳහන් කලා .

https://www.vnews.lk/storage/2023/07/HARSHA-DE-SILWA-EDIT-.mp3?_=1

මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මුදල් කාරක සභාවේදී අනුමත නොවූ යෝජනාවක් සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බවයි.
මේ අනුව සභානායක අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා යෝජනාවට සංශෝධනය ඉදිරිපත් කලා .

https://www.vnews.lk/storage/2023/07/SUSIL-PREMJAYANTH-EDIT-.mp3?_=2

 

WhatsApp Group

Skip to content