පළාත් පාලන ඡන්ද විමසීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින් අද දිනයේ ද මුදල් අමාත්‍යාංශය වෙත ලිපියක් යොමු කිරීමට අපේක්ෂා කරන බව මැතිවරණ කොමිසම් සභාව පවසනවා.

ඡන්ද විමසීමට රුපියල් මිලියන 300ක මුදලක් අවශ්‍ය බව මීට පෙර ද දැනුම් දුන් බවයි එහි සභාපති නීතීඥ නිමල් පුංචිහේවා මහතා කියා සිටියේ.

කෙසේ වෙතත් මේ වනවිට ලැබී ඇත්තේ රුපියල් මිලියන 100 ක මුදලක් පමණක් බව ඔහු සඳහන් කළා.

එමෙන් ම ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නිලධාරීන් සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

WhatsApp Group

Skip to content