පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාව හමුවට කැඳවා තිබූ මුදල් අමාත්‍යාංශයේ වගකිව යුතු නිලධාරින් නොපැමිණීම සම්බන්ධයෙන් කමිටුව අප්‍රසාදය පළ කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශයට අදාළ කරුණු සාකච්ඡාවට ගැනීම සදහා නිලධාරින් කැඳවන විට පාර්ලිමේන්තුවට වග කියන අමාත්‍යාංශ ප්‍රධානි කාරක සභාව හමුවේ පෙනී සිටිය යුතු බවයි මෙහිදි අවධාරණය කෙරුණේ.

මේ අතර මුදල් අමාත්‍යාංශය විසින් මෙම වසරේ ජුනි මස අවසාන වන විට මූල්‍ය තත්ත්වය මෙහිදි කාරක සභාවට ඉදිරිපත් කිරීමට කටයුතු කළා.

එම වාර්තාව අනුව අය වැයේ ප්‍රාථමික ශේෂය සියයට 0.1 ක අතිරික්තයක් පවතින බවයි වාර්තා වුණේ.

ප්‍රධාන වශයෙන් භාණඩ හා සේවා මත වැට් බද්ධ සැලකිය යුතු ලෙස ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස ආදායම් බදු එකතු කිරීම වාර්ෂිකව සියයට 41.9 කින් එනම් බිලියන 1317 ක් දක්වා ඉහළ ගොස් ඇති බවද මෙහිදි අනාවරණය වුණා.

 

WhatsApp Group

Skip to content