ආන්දෝලනයට තුඩු දුන් මුතු රාජා හස්තියා යළි ශ්‍රී ලංකාවට ලබා නොදෙන බව තායිලන්ත පරිසර අමාත්‍යවරයා ඊයේ දින මාධ්‍යට ප්‍රකාශ කර සිටියා.

එම හස්තියාගේ සෞඛ්‍ය තත්ත්වය ඉතාමත් පහළ මට්ටමක පැවතීමත්, එම සත්වයා රැකබලා ගැනීම නිසි ලෙස ඉටු නොකිරීම පිළිබදවත් ඔහු කණගාටුව පළ කර තිබෙනවා.

මේ අතර තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කළ තවත් හස්තීන් දෙදෙනෙකු සම්බන්ධයෙන් තායිලන්ත රජයේ අවදානය යොමුව තිබෙනවා.

එම හස්තීන්ගේ සෞඛ්‍ය තත්තවය සම්බන්ධයෙන් සොයා බැලීම සදහා පශූ වෛද්‍යවරු ඇතුඵ කණ්ඩායමක් එළඹෙන සැප්තැම්බර් මාසයේදී මෙරටට පැමිණීමට නියමිත බවටයි තායිලන්ත මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.

 

WhatsApp Group

Skip to content