තායිලන්තයේ පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදී තිබු මුතුරාජා හස්තියා අද රාත්‍රියේ යළිත් එරටට රැගෙන යාමට නියමිතයි .

ඒ,විශේෂ ගුවන් යානයකින් .

මුතුරාජා ශ්‍රී ලංකාවට පරිත්‍යාග කෙරුණේ 2001 වසරේදී යි.

ඒ තායිලන්ත රැජිනගේ පරිත්‍යාගයක් අනුවයි .

මෙරටට පරිත්‍යාග කෙරුණු හස්තියා අලුත්ගම කන්දේ විහාරයට භාර දුන් අතර, එහිදී ඇතා විවිධ වධ හිංසාවට ලක් කර ඇති බව සත්වවේදීන් පෙන්වා දීමත් සමග තායිලන්ත රජයේ අවදානය ඒ සම්බන්ධයෙන් යොමු වුනා.

එහි ප්‍රතිඵලයක් ලෙස තායිලන්තය ඇතා යළිත් එරටට රැගෙන යාමටයි තීරණය කළේ.

ඇතා පුහුණු කිරිමට එරටින් ඇත් ගොව්වන් සිව් දෙනෙකු ද මෙරටට පැමිණි බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පැවසුවා.

ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ තිලක් ප්‍රේමකාන්ත මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවේ දිගම දළ යුගලය හිමි ඇතා මුතුරාජා හස්තියා බවයි.

 

 

lms,

WhatsApp Group

Skip to content