තම පක්ෂයේ මීළඟ ජනාධිපති අපේක්ෂකයා ඇතැම් විට වත්මන් ජනාධිපතිවරයාම විය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා .

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා මේ බව ප්‍රකාශ කලේ ජන හමුවකට එක් වෙමින් .

ඔහු මෙහිදී තවදුරටත් කියා සිටියේ මීළඟ මැතිවරණයට තම පක්ෂය ඉතා හොද සුදානමකින් පසුවන බවයි.

https://www.vnews.lk/storage/2023/07/INDIKA-ANURUDDHA-EDIT.mp3?_=1

මේ අතර අද පැවති මාධ්‍ය හමුවකදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ද මැතිවරණය සම්බන්දව සිය අදහස් පල කළා .

ඒ මහතා කියා සිටියේ 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කිරීමට පෙර පළාත්සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව ක්‍රියා කල යුතු බවයි.

https://www.vnews.lk/storage/2023/07/CHAMINDA-WIJESIRII-EDIT.mp3?_=2

WhatsApp Group

Skip to content