ගම්පහ, මීරිගම ප්‍රදේශයෙන් නව මදුරු විශේෂයක් සොයාගත් බව කොළඹ වෛද්‍ය පර්යේෂණායතනයේ කීටවිද්‍යා නිලධාරී ගයාන් ශ්‍රී කුමාරසිංහ මහතා පවසනවා.

කුමාරසිංහ මහතා කියා සිටියේ එලෙස සොයා ගැනුණු නව මදුරු විශේෂය ගෙම්බන්ගෙන් පමණක් ලේ උරාබොන බවයි.

යුරේනෝටේනියාටි්‍රලිනේටා(ඹර්බදඒැබස්එරසකසබැ්ඒ) යන නමින් හඳුන්වන මෙම මදුරු විශේෂය ලංකාවේ දැනට වාර්තා වන කුඩාම මදුරු විශේෂය ලෙසට හඳුනා ගෙන ඇති බවද ඔහු කියා සිටියා.

මෙම මදුරුවා මිලි මීටර 2-3 අතර ප්‍රමාණයෙන් යුක්ත වන අතර මෙම මදුරුවා සමඟ ලංකාවේ මදුරු විශේෂ 156 දක්වා ඉහළ යන බවද සඳහන්.

මෙම මදුරු විශේෂය වසර 108ට පෙර දකුණු කොරියාවෙන් වාර්තා වී ඇති අතර ඉන් අනතුරුව තායිලන්තයෙන් සොයා ගන්නා ලදි.

ශ්‍රී ලංකාවෙන් ඉන්පසුව වාර්තා වූ බව ගයාන් ශ්‍රී කුමාරසිංහ මහතා පවසනවා.

මෙම පර්යේෂණය සඳහා වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය දේදුනු ඩයස් සහ කීට විද්‍යා අංශයේ වැඩබලන අංශ ප්‍රධානී සූජාතා පතිරගේ මහත්මියගේ උපදෙස් මත ප්‍රමිත රංගන, නලීන් ජයසිංහ, එරන්ද හේවාවිතාරණ, සජිත් තාරක, රුවන් සමීර, රොහාන් සමරසේකර සහ අපේක්ෂා වරුෂවිතාරණ යන කීට විද්‍යා නිලධාරීන් එක්ව තිබෙනවා.

WhatsApp Group

Skip to content