මීගමුව ප්‍රදේශයේ කර්මාන්තශාලාවක හටගෙන තිබු ගින්න පාලනයට පියවර ගෙන තිබෙනවා.

අද අලුයම මෙම ගින්න හටගෙන තිබුණේ කටාන , දිසාගේවත්ත ප්‍රදේශයේ පුද්ගලික කර්මාන්තශාලාවකයි.

ගින්න මැඩපැවැත්වීමට මීගමුව, ගම්පහ සහ ගුවන් හමුදා ගිනි නිවීම් රථ පහක් යොදවා ඇති බවයි පොලිසිය සදහන් කළේ.

ගින්නෙන් ජීවිත හානී කිසිවක් සිදුව නොමැති අතර ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.

WhatsApp Group

Skip to content