සූඩානයේ නීත්‍යානුකූල හමුදාව සහ ආර්.එස්.එෆ් බලකාය අතර එල්ල කර ගත් මිසයිල ප්‍රහාර හමුවේ සිවිල් වැසියන් 32 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ප්‍රහාර හමුවේ තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම කණ්ඩායම් දෙක අතර සටන් පසුගිය අප්‍රේල් මාසයේදී ආරම්භ වූ අතර, ඒ හේතුවෙන් සිවිල් වැසියන් විශාල පිරිසක් රට අතහැර යාම සිදු කළා.

මේ අතර ගුවන් යානා නාශක මිසයිල සහ කාලතුවක්කු වෙඩි තැබීම් සිදු කරමින් නිවාස වලට හානි කිරීම මෙන්ම නිවාස කොල්ලකෑම සම්බන්ධයෙන් ආර්.එස්.එෆ් බලකාය වෙත එරට සිවිල් වැසියන් චෝදනා එල්ල කර තිබෙනවා.

WhatsApp Group

Skip to content