මිනුවන්ගොඩ අඹගහවත්ත ප්‍රදේශයේ සිදුවූ අනතුරක් හේතුවෙන් කාන්තාවක් සහ තවත් පුද්ගලයෙක් මිය ගොස් තිබෙනවා.

කන්ටේනර් රථයක් හා යතුරු පැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

අනතුරින් මියගොස් ඇත්තේ 45 හැවිරිදි මවක් සහ ඇයගේ විසි හැවිරිදි පුත්‍රයා බවයි වාර්තවාන්නේ.

මොවුන් මිනුවන්ගොඩ මැඩෑමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පොලිසිය විසින් කන්ටේනර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content