ආරක්ෂිත සංක්රමණය සහ මිනිස් වෙළෙඳාම සම්බන්ධයෙන් ත්රිකුණාමලය දිස්ත්රික්කයේ පොලිස් නිලධාරීන්, ග්රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පසුගියදා ත්රිකුණාමලය මැක් හයිසර් ක්රිඩාංගනයේදී ජයගමු ශ්රි ලංකා ජනතා ජංගම සේවයට සමගාමීව කම්කරු හා විදේශ රැකියා අමාත්ය මනුෂ නානායක්කාර මහතාගේ ප්රධානත්වයෙන් සිදුකෙරිණි.
වර්තමානයේදී ශ්රී ලාංකිකයන් විශාල වශයෙන් විදේශ රැකියා සදහා උනන්දුවක් දක්වන අතර එහිදි ඔවුන් මිනිස් වෙළෙඳාමට හා විවිධ වංචාවන්ට හසුවීම වැළැක්වීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන පැවැත්වුණි.
ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ නීති අංශය හා මිනිස් වෙළෙඳාමට එරෙහි කාර්යාංශ ඒකකය මගින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන දිප ව්යාප්තව සිදුකරනු ලබයි. මේ මගින් රටේ ජනතාව විදේශ රැකියා වංචාවන්ගෙන් වළක්වා ගැනීමට රාජ්ය නිලධාරීන්ගේ සහයෝගය ලබාගැනීමට කාර්යාංශය අපේක්ෂා කරයි.

WhatsApp Group

Skip to content