පෝලන්තයට යවන බව පවසා රුපියල් ලක්ෂ 130 ක මුදලක් වංචා කළ බවට පැමිණිළි 53 ක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ලැබී තිබූ කාන්තාවක් ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.     

ඒ ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් සිටියදී අද දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී  .

ඇය 44 හැවිරිදි කොළඹ , බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
 ඇය රැකියා අපේක්ෂකයන් විශාල පිරිසක් පෝලන්තයට යවන බව පවසා මෙම මුදල් සහ ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර නීතිවිරෝධී ලෙස ළග තබා ගෙන සිට ඇති අතර ඇය විසින් පවත්වා ගෙන ගිය රැකියා නියෝජිත ආයතනය මීට මාස කීපයකට පෙර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් තහනමකට ලක් කර තිබුණා .
 ඇයට එරෙහිව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය මගින් පනවා තිබූ ගුවන් ගමන් තහනමක් පවතිනවා.
පසුව මෙම කාන්තාව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ භාර ගෙන කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන අතර , එහිදී ඇය ලබන මස 04 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා .
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන කළමනාකරු කපිල කරුණාරත්න මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ විමර්ශන නිලධාරීන් වන ඉදුනිල් පුෂ්පකුමාර සහ එම්.කේ. සුමනවීර යන මහත්වරුන් විසින් සිදු කරමින් සිටිනවා .

WhatsApp Group

Skip to content