මින්නේරිය වැවේ දිය නෑමට ගොස් සිටි පුද්ගලයෙකු දියේ ගිලීමෙන් ඊයේ සවස මිය ගොස් ඇත.

මෙලෙස මිය ගොස් ඇත්තේ මින්නේරිය දුම්රියපොල මංසන්ධියේ පදිංචිව සිටි වයස අවුරුදු 35ක් පමණ වන දෙදරු පියෙකි.

මිය ගිය පුද්ගලයා සිය මිතුරන් කිහිප දෙනෙකු සමග ඊයේ (15) සවස මින්නේරිය වැවේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී ඔහු දියේ ගිලීමෙන් මිය හොස් ඇති බව මින්නේරිය පොලීසිය පවසයි.

දියේ ගිලුණු එම පුද්ගලයා ගොඩට ගෙන ඔහුගේ මිතුරන් හා ප්‍රදේශවාසීන් ඔහුව ප්‍රතිකාර සදහා හිගුරක්ගොඩ මූලික රෝහලට ඇතුලත් කලද ඒ වනවිටත් ඔහු මිය ගොස් සිටි බව හිගුරක්ගොඩ රෝහල් ආරංචි මාර්ග සදහන් කර සිටියී.

මිය ගිය පුද්ගලයාගේ මෘත ශරීරය පිලිබද පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා පොළොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත යවා ඇති අතර මේ පිලිබද වැඩිදුර පරීක්ෂණ කටයුතු මින්නේරිය පොලීසිය විසින් සිදුකරගෙන යනු ලබති.

WhatsApp Group

Skip to content