සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් ඩුබායි සිට මෙරටට රැගෙනවිත තිබෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකරුව රැගෙනවිත් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
මෙම සැකකරු නදුන් චින්තක හෙවත් හරක් කටාගේ මස්සිනා වන බව සඳහන්.
පසුගියදා නදුන් චින්තක හෙවත් හරක් කටාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදාගැනීමට සැලසුම් කළ පුද්ගලයා බවට මිදිගම රුවන්ට චෝදනා එල්ල වී තිබෙනවා.

WhatsApp Group

Skip to content