ත්‍රීරෝද රථ රියදුරෙකුට පහරදී ඔහුගේ ගෙල බැඳි රන් මාලය කොල්ල කා පලා ගිය කාන්තාවක් අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අංකුඹුර පල්ලේගම ප්‍රදේශයේ පදිංචි විසි දෙහැවිරිදි කාන්තාවක් බවයි පොලිසිය සඳහන් කලේ.

මෙම සැකකාරිය කුලී ගමනක් යන මුවාවෙන් ත්‍රිරෝද රථයට ගොඩ වී ත්‍රීරෝද රථ රියදුරු ගේ හිසට මිටියකින් පහර දී ඔහුගේ ගෙල බැඳි රුපියල් ලක්ෂ එකහමාරක් වටිනා රන් මාලය කොල්ල කා ඇති බවයි පොලිසිය පවසන්නේ.

සැකකාරිය සන්තකයේ තිබී රන්මාලය සොයාගෙන ඇති අතර ඇය අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

WhatsApp Group

Skip to content