වසර 70 කට වැඩි කාලයක් යන්ත්‍රයක් ආධාරයෙන් ශ්වසනය කළ පෝල් ඇලේක්සැන්ඩර් නොහොත් ‘මෑන් ඉන් ද අයන් ලන්ග්‘ නම් පුද්ගලයා ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

අමෙරිකාවේ ඩලාස් හි රෝහලකදී මියයන විට ඔහු 78 වැනි වියේ පසුවුනා.

වයස අවුරුදු 6 දී පෝලියෝ වෛරසය වැළඳුණු පෝල් ඒ හේතුවෙන් අංශභාග රෝගයටද ගොදුරුව තිබුනා.

ඉන්පසුව ඔහුගේ සිරුරේ පහළ කොටස අප්‍රාණික වී ඇති අතර එතැන් පටන් ඔහු ජීවත්වූයේ මෙම කෘත්‍රීම පෙනහළු යන්ත්‍රය ආධාරයෙනුයි.

ඔහු ඉතිහාසයට එක්වන්නේ කෘත්‍රීම පෙනහළු යන්ත්‍රයක ආධාරයෙන් වැඩිම කලක් ජීවත්වූ මිනිසා ලෙසයි.

තම මුව භාවිත කරමින් සිතුවම්කරණයේ සහ ලේඛනයේ නිරත වූ පෝල් ග්‍රන්ථයක්ද රචනාකර ඇති අතර, ටෙක්සාස් විශ්වවිද්‍යාලයෙන් නීති උපාධියක්ද ලබා තිබෙනවා.

WhatsApp Group

Skip to content