නිවාසාන්තර ක්‍රීඩා උළෙලක මැරතන් ධාවන තරගයකට එක්වූ පාසල් සිසුවෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා .

මෙලෙස මියගොස් ඇත්තේ තිරුක්කොවිල් මෙතෝදිස්ත මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි 16 හැවිරිදි වියේ පසුවූ සිසුවෙක් බව සදහන් .

ක්‍රීඩා තරගය අතරතුරදී හදිසියේම අසනීප වූ සිසුවා ප්‍රතිකාර සඳහා තිරුක්කෝවිල් රෝහල වෙත ඇතුළත් කර ඇති අතර අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අක්කරෙයිපත්තුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් තිබෙනවා.

මේ අතර තිරුක්කෝවිල් රෝහලේදී සිසුවාට නිසි පරිදි ප්‍රතිකාර සිදුනොකළ බව පවසමින් ප්‍රදේශවාසීන් රෝහල අසළ විරෝධතාවයක් දැක්වීම හේතුවෙන් එහි උණුසුම් තත්ත්වයක් ද හටගත්තා.

අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා එම ස්ථානයට පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීමට පියවර ගෙන ඇති බව සදහන් .

WhatsApp Group

Skip to content