දිවයින පුරා සිටින පොලිස් නිලධාරීන් 9000 කට වැඩි සංඛ්‍යාවක් හෙට දින මැයි පෙළපාලි සහ මැයි දින රැළි වෙනුවෙන් යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.

ලෝක කම්කරු දිනය නිමිත්තෙන් දිවයින පුරා මැයි රැළි 40 ක් පැවැත්වෙන අතර කොළඹ ප්‍රදේශයේ මැයි රැළි 14 ක් පැවැත්වෙන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර තිබෙනවා.

කොළඹ ප්‍රදේශයේ පැවැත්වෙන මැයි දින සැමරුම් ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 2100 ක පමණ ප්‍රමාණයක් හා රථ වාහන රාජකාරි සඳහා නිලධාරීන් 1300 ක ප්‍රමාණයක් රාජකාරි සඳහා යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content