2024.05.01 දිනට යෙදෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් පැවැත්වීමට නියමිත මැයි දින පෙළපාළි, රැළි හා සැමරුම් උත්සව ආදිය ඩ්‍රෝන කැමරා යොදා ගනිමින් ඡායාරූප හා වීඩියෝගත කිරීම් සිදු කරන්නේ නම් ඒ සඳහා නිසි අවසර ලබා ගත යුතු බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙයි.

එහි දැක්වෙන්නේ අනවසරයෙන් මැයි දින පෙළපාලි, රැළි හා සැමරුම් උත්සව කටයුතු ආවරණය කිරීම සඳහා ඩ්‍රෝන යානා භාවිත කිරීම තහනම් වන අතර මෙය දිවයින පුරා පැවැත්වෙන සියලු මැයි රැළි සඳහා අදාළ වනු ඇති බවයි.

අනවසරයෙන් ඩ්‍රෝන යානා භාවිත කරන්නන් සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කරනු ඇති බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

WhatsApp Group

Skip to content