අධිකරණ නියෝග කඩකරමින් පෑලියගොඩ මැනිං වෙළදපොලේ විරෝධතාවක නිරත වූ පිරිසක් අද අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම වෙළදපොලේ අද උද්ඝෝෂණයක් පැවැත්වෙන බවට පෙරේදා සදහන් කර තිබුණා.

කෙසේ වෙතත් අධිකරණය විසින් නියෝග කර තිබුණේ එම උද්ඝෝෂණය නොපවත්වන ලෙසටයි.

අධිකරණය ලබා දුන් එම නියෝගය කඩ කරමින් පිරිසක් උද්ඝෝෂණයක නිරත වීම හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසුවේ.

පෑලියගොඩ මැනිං වෙළදපොලේ වෙළද කුටි බාහිර පුද්ගලයින්ට ලබා දෙන බවට චෝදනා කරමින් එම විරෝධය පවත්වා තිබෙනවා.

 

WhatsApp Group

Skip to content