මැද පෙරදිග කලාපයට ඉක්මන් සහ තිරසාර මානුෂිය සටන් විරාමයක් ඉල්ලා කළ යෝජනාව සම්මත වී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩලයේ විශේෂ සැසියක් අතරතුරදීයි මෙම යෝජනාව සම්මත වී ඇත්තේ.

අදාළ යෝජනාව පක්ෂව ඡන්ද 120ක් හිමිවු අතර විපක්ෂව ඡන්ද 14ක් ලැබී තිබෙනවා.

එමෙන්ම රටවල් 45ක් එම යෝජනාව සදහා ඡන්දය භාවිතයෙන් වැළකි සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ශ්‍රී ලංකාව මැද පෙරදිග කලාපයට ඉක්මන් සහ තිරසාර මානුෂිය සටන් විරාමයක් ඉල්ලා කළ යෝජනාවට පක්ෂව ඡන්දය භාවිත කර තිබෙනවා.

WhatsApp Group

Skip to content