ජනාධිපතිවරණයට අදාළව වාර්තා වන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 631ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළේ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි 607ක් ලැබී ඇති බවයි.

එමෙන්ම මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් එක් පැමිණිල්ලක් වාර්තා වී ඇති බව එම කොමිසම සදහන් කළා.

මේ අතර මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ජනාධිපති අපේක්ෂකයෙකුට වැය කල හැකි උපරිම මුදල සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එක් ඡන්ද දායකයෙකු සඳහා අපේක්ෂකයෙකුට වැය කළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බවයි එම කොමිසම පැවසුවේ.

එම මුදලට වඩා වැඩි ප්‍රමාණයක් වියදම් කරන්නේ නම් එය නීතිවිරෝධි ක්‍රියාවක් වන අතර ඒ අනුව මැතිවරණ නීතිය යටතේ ඡන්ද අපේක්ෂකයාට දඬුවම් කළ හැකි වනවා.

WhatsApp Group

Skip to content