පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 869ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

ගතවූ පැය 24 ක කාලය තුළ ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 78ක් බවයි මැතිවරණ කොමිසම සදහන් කලේ.

ඒ අතරින් පැමිණිලි 723ක් විසඳා ඇති අතර තවත් පැමිණිලි 146ක් සම්බන්ධයෙන් ක්‍රියා කරමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.

එළඹෙන නොවැම්බර් 14 වැනිදා මෙවර මහ මැතිවරණය පැවැත්වීමට නියමිත අතර පසුගිය සැප්තැම්බර් මස 26 වැනිදා සිට මෙම ගණනය කිරීම් ආරම්භ කර තිබුනා.

WhatsApp Group

Skip to content