මැතිවරණ නිරීක්ෂණ සංවිධාන අද මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

ඒ, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහායි.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන 7 ක් රට තුළ ක්‍රියාත්මක වන අතර ඔවුන් සියළු දෙනා අද මැතිවරණ කොමිසම හමුවට කැඳවා තිබෙනවා.

මේ අතර මැතිවරණය සඳහා යටිතල පහසුකම් සපයන රාජ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ද අද විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

මේ සඳහා ලංකා විදුලිබල මණ්ඩලය, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ඇතුළු ආයතන කිහිපයක නිලධාරින් මැතිවරණ කොමිසම හමුවකට කැඳවා තිබෙනවා.

WhatsApp Group

Skip to content