පළාත්පාලන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහා මැතිවරණ කොමිසම ලබන මස 3 වනදා යළි රැස්වීමට නියමිතයි.

එම රැස්වීමෙන් අනතුරුව නැවත මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් එදිනම ප්‍රකාශයට පත් කරන බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා කියා සිටියේ.

මේ අතර මාර්තු මස 9 වනදා පැවැත්වීමට නියමිත පළාත්පාලන ආයතන ඡන්ද විමසීම එදිනට නොපැවැත්වෙන බව මැතිවරණ කොමිෂන් ඊයේ ප්‍රකාශ කළා.

නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක සඳහන් කළේ මැතිවරණ කොමිසන් සභාවේ පාලනයෙන් බැහැරව පැන නැගී ඇති කරුණු හේතුවෙන් එදිනට ඡන්ද විමසීම පැවැත්වීමට නොහැකි බවයි.

මේ අතර පළාත් පාලන මැතිවරණ සීමා නිර්ණ ජාතික කමිටුව සකස් කරන ලද අතුරු වාර්තාව, ලබන අඟහරුවාදා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා වෙත භාර දෙන බව සීමානිර්ණ ජාතික කමිටුව පවසනවා.

WhatsApp Group

Skip to content